Monday, October 6, 2014

පළමු අයිතිකාරයා..

පළමු අයිතිකාරයා..

දුරස් වෙලා වෙනස් වෙලා..
වෙන් වීලා ගියත් ඔයා.. 

තවමත් මම ඔය ඇස් වල 
පළමු අයිතිකාරයා.. // 

අදටත් මතක් උනා.. පෙම්කල දවස් එදා.. // 
බොරු ප්‍රේමයක් මවා.. මම වැරදියැයි කියා..
වෙන අතක පැටලිලා.. සමුගත්තේ ඇයි ඔයා..

දුරස් වෙලා..

කඳුළින්ම සේදුනා.. මගෙ ඇස් ඔයා නිසා.. // 
සුබ පතමි ඈත්වෙලා.. ඔබ වෙතම සෑම දා..
සතුටින්ම ඉන්න කියා.. මගෙ රත්තරන් ඔයා..

දුරස් වෙලා..

---Image එක මත Click කරන්න---

Artist - Nadeera Nonis


Saturday, October 4, 2014

ආයෙත් හඬන්න..

ආයෙත් හඬන්න..

ආයෙත් හඬන්න කඳුළක් උනන්න 
ඇයි අපි මේ හමුවන්නේ..
හිමි නැති ඔයාව හිත යට තියාන 
දුක් විඳලයි හිත හැදුනේ..
ඔබ හිනහෙන්න ඔබෙ රජදහනේ.. 
මං තාමත් මගේ තනි හීනේ..
දුප්පත්කමට නෑ හිමි ප්‍රේමේ..
ඒකයි මං ඔබෙන් වෙන්වෙන්නේ.. 

ආඩම්බර රුව දැකලා.. සිත ආයෙත් උමතුවෙලා.. 
සඟවන්නට බෑ කිසිදා.. පුංචි පෙම්පත් කතා..
අපේම ලොවේදි  අපි මුනගැසේවි
සිතමින් පෙම් කරලා..
ඔබ දුර ඇදේවි මං ඉකි බිදීවි 
අපි ඈතයි සැමදා..

ආයෙත් හඬන්න..

සඳාතනික පෙමපතලා.. තනිකඩ සිත මුලාවෙලා..
ඇති නැති දුර දුරක තියා.. සත්තමයි පෙම්කළා..
අපේම ලොවේදි  අපි මුනගැසේවි
සිතමින් පෙම් කරලා..
ඔබ දුර ඇදේවි මං ඉකි බිදීවි 
අපි ඈතයි සැමදා..

ආයෙත් හඬන්න..

---Image එක මත Click කරන්න---

Artist - Theekshana Anuradha 

Thursday, October 2, 2014

හිත රිදුන තරම්..

හිත රිදුන තරම්..

හිත රිඳුන තරම්.. හිත හැඬුව තරම්..
මා හඬන ඇසින්.. නුඹ සෙවු තරම්..
මුළු ලොවට හොරෙන්.. පෙම් කෙරූ තරම්..
නුඹ නොදැන ඉතින්.. හැර ගියා මෙමං..

ආදරෙන් ඉක් ඇබින්දක් ගෙන මගෙ හිතේ තියලා..
සෙනෙහසේ සුව ඉතින් මේ යැයි ළඟ ඉදන් කියලා..
දුන්නු සෙනෙහේ මටත් රහසේ යලි අරන් පෙරදා..
රිදුවේ කොහොමද තවත් කෙනෙකුට පළමු පෙම කියලා..

මුළු ලොවට හොරෙන්..

ආදරෙන් දුන් රිදුම් අතුරේ එකින් එක මැවිලා..
නුඹ කියූ පෙම් වදන් ඈසේ අඬයි හිත රිදිලා..
ඔහුගෙ සෙනෙහේ මහමෙරක්සේ මුළු හදින් මුමුණා..
සිනා සෙන්නේ කෙලෙස කිව මැන මගේ දුක දැකලා..

හිත රිඳුන තරම්..

---Image එක මත Click කරන්න---

Artist - Nadeera Nonis

පෙම් සිහිනේ..

පෙම් සිහිනේ..

ආදරයේ පාවෙන හැඟුමත්
ජීවිතයත් සෙව්වා.. //
පුරාණේ මගේ වු ඔබේ ආදරේ..
මිරිඟුවත් තනිකමත් විතරමයී.. 

පෙම් සිහිනේ සිත සැනසූ සේයාවී..
ඔබ මාගේ සිත රැවටූ මායාවී.. //

මා ලඟින් ලං වෙලා ඔබ එදා කී කතා 
මගෙ දිළිදු ලෝකේ මාළිගාවක් කළා..
ඒ තැනූ මාළිගා සුන් වෙලා ගිය දිනේ
හඬන්න කඳුළු ඉතිරි නොකර යන්න ඔබ ගියා..

පෙම් සිහිනේ.. //

වස්සානයේ තනිවෙලා තුරුළු වී උණුසුමේ
දෑ ගිල්ලේ  පැටලී වුන් සැදෑව සුන්දරයී..
නුඹ මගේ හැම බවේ දියුරලා සෙනෙහසේ 
කී කතාව මාගෙ ලෝකේ තනිවෙලා ගියා..

පෙම් සිහිනේ.. //

---Image එක මත Click කරන්න---

Artist - Predeep Rangana

Saturday, September 27, 2014

මගේ වෙලා ලඟ උන්නු ඔයා..


මගේ වෙලා ලඟ උන්නු ඔයා..

මගේ වෙලා ලඟ උන්නු ඔයා..
මටත් හොරෙන් වෙනකෙකුගෙ වෙලා..
හිත හඬනවා තුන් යම නොනිදා..
මගෙ පණ තාමත් ඔයා නිසා..

හුස්මෙ පවා ඉන්නේ ඔයා නිතරම මට සිහිවෙනවා..
මැවූවේ ඔයා මටම කියා හදවත තව පවසනවා..

සිතු පැතුමන් පොඩි කර දමලා..
යන්නට ගියාට ඈත් වෙලා..
හිතකින්ද මුළු ජීවිතේ මා ලඟම ඔබ සැනසුනේ..
පාළුවේ මා තනිවී.. ජීවිතේ රිඳවනවා..
වෙනසක් නෑ මගෙ ආදරේ 
ඔබෙ නමටයි මුළු ජීවිතේ..

හද ගැඹුරේ වේදනා ඇතී..
මට විතරක් දුක උරුමවුනේ
බොරුවෙන්ද මගෙ ජීවිතේ ළං ළංව ඔබ රැවටූවේ..
පාළුවේ මා තනිවී.. ජීවිතේ රිඳවනවා..
වෙනසක් නෑ මගෙ ආදරේ 
ඔබෙ නමටයි මුළු ජීවිතේ..

මගේ වෙලා ලඟ උන්නු ඔයා..

---Image එක මත Click කරන්න---

Artist - Shihan Mihiranga

Friday, September 26, 2014

මේ.. හිත තනියෙන්..


මේ.. හිත තනියෙන්..

මේ.. හිත තනියෙන්.. නුඹ එනකම්.. හිටිය තරම්..
නෑ... මං දන්නා.. වෙනකවුරුත් නුඹව තරම්..
ආදරයෙන්.. එදා ඉදන්..

කඳුලක් ළඟ නැවතුන ඇහිපිය දුරකට යවමින්..
හුස්මත් මට අමතක කරවන මතකය හොයමින්..
අයේ.. හීනේ මැද්දෙන් ජීවිතේ අලුතෙන් ලියන තරම්..

වරුවක් ලඟ මුමුණන ඔය හිත මගෙමද හිතමින්..
තනියක් නැති දවසක් එනකම් තව මග බලමින්..
අයේ.. හීනේ මැද්දෙන් ආදරේ අමුණා ලියන තරම්..

මේ.. හිත තනියෙන්..

---Image එක මත Click කරන්න---

Artist - Athma Liyanage


තහනම්ද හමුවන්නට ඔයාව..


තහනම්ද හමුවන්නට ඔයාව..

තහනම්ද හමුවන්නට ඔයාව හීනෙකින්වත් ආයෙමත්..
හිතේ කහටක් තිබුනේ නෑ මට ඇත්තමයි ඔබ ගැන තවත්..
කවුරුවත් ආදරේ නොකල මට දැනෙන තනිකම මහමෙරක්..
අනේ.. ඔබවත් පෙම්කලා නම් දුකක් අදමට නෑ තවත්..

කඳුළු වැටිලා කම්බුලත් තෙත් වීලා..
මතක පෙරදා හිත්කොනේ දඟ කරලා.. 
නැවත ගන්නට නොහැකි තරමට ආදරේ බොඳවී ගියත්..
අනේ.. ඔබවත් පෙම්කලා නම් දුකක් අදමට නෑ තවත්..

හිත උතුරනා සෙනෙහසක පැටලීලා..
නෙත අහනවා ඔබ කොහේද කියලා..
නැගිට ගන්නට බැරිම තැනටම ජීවිතේ වැටිලා වුනත්..
අනේ.. ඔබවත් පෙම්කලා නම් දුකක් අදමට නෑ තවත්..

තහනම්ද හමුවන්නට ඔයාව..

---Image එක මත Click කරන්න---


Artits - Rose Alagiyawanna