Friday, September 26, 2014

තහනම්ද හමුවන්නට ඔයාව..


තහනම්ද හමුවන්නට ඔයාව..

තහනම්ද හමුවන්නට ඔයාව හීනෙකින්වත් ආයෙමත්..
හිතේ කහටක් තිබුනේ නෑ මට ඇත්තමයි ඔබ ගැන තවත්..
කවුරුවත් ආදරේ නොකල මට දැනෙන තනිකම මහමෙරක්..
අනේ.. ඔබවත් පෙම්කලා නම් දුකක් අදමට නෑ තවත්..

කඳුළු වැටිලා කම්බුලත් තෙත් වීලා..
මතක පෙරදා හිත්කොනේ දඟ කරලා.. 
නැවත ගන්නට නොහැකි තරමට ආදරේ බොඳවී ගියත්..
අනේ.. ඔබවත් පෙම්කලා නම් දුකක් අදමට නෑ තවත්..

හිත උතුරනා සෙනෙහසක පැටලීලා..
නෙත අහනවා ඔබ කොහේද කියලා..
නැගිට ගන්නට බැරිම තැනටම ජීවිතේ වැටිලා වුනත්..
අනේ.. ඔබවත් පෙම්කලා නම් දුකක් අදමට නෑ තවත්..

තහනම්ද හමුවන්නට ඔයාව..

---Image එක මත Click කරන්න---


Artits - Rose Alagiyawanna

No comments:

Post a Comment