මගේ වෙලා ලඟ උන්නු ඔයා..
මගේ වෙලා ලඟ උන්නු ඔයා..
මටත් හොරෙන් වෙනකෙකුගෙ වෙලා..
හිත හඬනවා තුන් යම නොනිදා..
මගෙ පණ තාමත් ඔයා නිසා..
හුස්මෙ පවා ඉන්නේ ඔයා නිතරම මට සිහිවෙනවා..
මැවූවේ ඔයා මටම කියා හදවත තව පවසනවා..
සිතු පැතුමන් පොඩි කර දමලා..
යන්නට ගියාට ඈත් වෙලා..
හිතකින්ද මුළු ජීවිතේ මා ලඟම ඔබ සැනසුනේ..
පාළුවේ මා තනිවී.. ජීවිතේ රිඳවනවා..
වෙනසක් නෑ මගෙ ආදරේ
ඔබෙ නමටයි මුළු ජීවිතේ..
හද ගැඹුරේ වේදනා ඇතී..
මට විතරක් දුක උරුමවුනේ
බොරුවෙන්ද මගෙ ජීවිතේ ළං ළංව ඔබ රැවටූවේ..
පාළුවේ මා තනිවී.. ජීවිතේ රිඳවනවා..
වෙනසක් නෑ මගෙ ආදරේ
ඔබෙ නමටයි මුළු ජීවිතේ..
මගේ වෙලා ලඟ උන්නු ඔයා..
---Image එක මත Click කරන්න---
Artist - Shihan Mihiranga
No comments:
Post a Comment