Saturday, October 4, 2014

ආයෙත් හඬන්න..

ආයෙත් හඬන්න..

ආයෙත් හඬන්න කඳුළක් උනන්න 
ඇයි අපි මේ හමුවන්නේ..
හිමි නැති ඔයාව හිත යට තියාන 
දුක් විඳලයි හිත හැදුනේ..
ඔබ හිනහෙන්න ඔබෙ රජදහනේ.. 
මං තාමත් මගේ තනි හීනේ..
දුප්පත්කමට නෑ හිමි ප්‍රේමේ..
ඒකයි මං ඔබෙන් වෙන්වෙන්නේ.. 

ආඩම්බර රුව දැකලා.. සිත ආයෙත් උමතුවෙලා.. 
සඟවන්නට බෑ කිසිදා.. පුංචි පෙම්පත් කතා..
අපේම ලොවේදි  අපි මුනගැසේවි
සිතමින් පෙම් කරලා..
ඔබ දුර ඇදේවි මං ඉකි බිදීවි 
අපි ඈතයි සැමදා..

ආයෙත් හඬන්න..

සඳාතනික පෙමපතලා.. තනිකඩ සිත මුලාවෙලා..
ඇති නැති දුර දුරක තියා.. සත්තමයි පෙම්කළා..
අපේම ලොවේදි  අපි මුනගැසේවි
සිතමින් පෙම් කරලා..
ඔබ දුර ඇදේවි මං ඉකි බිදීවි 
අපි ඈතයි සැමදා..

ආයෙත් හඬන්න..

---Image එක මත Click කරන්න---

Artist - Theekshana Anuradha 

No comments:

Post a Comment