හිමි නොවුන..
හිමි නොවුන නෙතු ඇඳුනු සිතුවම් අරන්..
සුසුමක් පුරා හෙව්වේ ඔය නිල් නුවන්..
කඳුළකට අත වනන හදවත කොනින්..
මොහොතක් කියා දෙන්න හිනැහෙන වරම්..
බෑ මේම විඳගන්න තනියෙන්ම දුක හිරකරන්..
මට හරිම පාලුයි මගේ රත්තරන්.. //
හුරතල් වෙවී කනට කෙඳිරූ වදන්..
මගෙ හිතම පිරේවූ එදා..
එක වචනයක් වත් කියන්නට තරම්..
හිත දෙන්නේ නැතිවද මෙදා..
ආදරෙන් දෑත අල්ලන් අපි එදා උන්නූ සෙනෙහේ නමින්..
සිනහා වී ඉන්න දැන්වත් ඇයි ඔයා ඉන්නේ නෙතුකැන් පියන්..
සුදු පිච්ච හැඩ වැටුනු සුදු ගවුම ඇඳලා..
අදනම් ඔයා ලස්සනයී..
ඇස් දෙක පියන් ඉන්නෙපා තරහවීලා..
මගෙ හිතට දැන් හරි බයයි..
පාලූවේ මාව තියලා යන්නෙපා යන්නෙපා යන්නෙපා..
මේ.. තරම් හීන අතරේ වැළපිලා ඉන්න බෑ තනි වෙලා..
හිමි නොවුන..
---Image එක මත Click කරන්න---
Artist - Bachi Susan
දුක තදකරන්..
ReplyDeleteදුක තදකරන් මහමෙර තරම් මට ඉන්න බෑ ඔබ නැතිවනම්..
අපි හමුවුනත් ඉදහිට යලිත් එක් වෙන්න බෑ කවදාකවත්..
නිතර වැටෙනා කඳුළට ඉතින් කතා කරගන්න පුලුවන්නම්..
කියයි හඬගා ලොවට මතුදා ඔබට මං ආදරෙයි කියලා..
දුක තදකරන්..
විටෙක ලංවෙලා විටෙක වෙන්වෙලා ගෙවෙන අපෙ ආදරේ..
කෙලවරක් සොයා තවම තැවෙනවා මැරි මැරී ජීවිතේ..
කොහොම පිළිගන්නේ මම නම්..
ඔබේ දෑත අහිමි කියා..
දුක තදකරන්..
නොනිද රෑ පුරා දෙතැනකට වෙලා හිමි අපේ ඉරනමේ..
දැනෙන වේදනා වචනයෙන් කියා ගන්න බෑ පන මගේ..
නොදැක හිනහෙන්නේ කොහොමැයි..
කියා දෙන්න ඇවිදින් සොයා..
දුක තදකරන්..